2026 ජාත්‍යන්තර තේ දිනය

2026 ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් චීනයේදී පැවැත්වෙන ප්‍රධාන තේ දින සමළුවට සහභාගි වු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සමළුව අමතයි.

ජාත්‍යන්තර තේ දිනය සමරමින් අද (21) දින චීනයේ ග්වංසි (Guangxi) හි නැන්නින් නගරයේදී ජාත්‍යන්තර තේ දින සමුළුවේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් දේශනයක් සිදු කල අතර එහිදි,වසර 150කට වැඩි කාලයක් පුරා, සිලෝන් ටී ශ්‍රී ලංකාවේ නාමය ලොව පුරා රැගෙන යමින්, ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ විශ්වාසය මැනවින් නිරූපණය කර ඇත. අද වන විට, බොහෝ ගෝලීය ආර්ථික සහ පාරිසරික අභියෝග මධ්‍යයේ වුවද, තේ වගා කරන ප්‍රජාවන්ගේ යහපැවැත්ම, සදාචාරාත්මක නිෂ්පාදනය සහ තිරසාරභාවය තහවුරු කරමින් උසස් තත්ත්වයේ ගුණාත්මක තේ නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බවට එහිදි අවධාරණය කරන ලදි.

ඉන් අනතුරුව, චීනයේ ග්වංසි (Guangxi) හි නැන්නින් නගරයේදී ජාත්‍යන්තර තේ දින සමළුවට සමගාමිව පැවති තේ නිෂ්පාදනය කරනු ලබන රටවල් හි තේ වෙළඳ ප්‍රදර්ශනයක් සඳහා ද අමාත්‍යවරයා සහභාගි විය.

මෙම අවස්ථාවට ජාත්‍යාන්තර තේ කර්මාන්තයේ නියැලි සිටින කාම්බෝජියා, කෙන්නියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් වල තේ කර්මාන්තය නියෝජනය කරමින් තේ කර්මාන්තයට සම්බන්ධ විවිධ පාර්ශවකරුවන් ද, එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ නියෝජිතයන් සහ චීනයේ ග්වංසි ජුවන්ග් ස්වයංපාලන පළාත් උප ආණ්ඩුකාරතුමා, ග්වංසි ජුවන්ග් ස්වයංපාලන පළාත් ජනතා රජයේ නියෝජ්‍ය මහ ලේකම්තුමා,ස්වයංපාලන පළාත් කෘෂිකර්ම සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවේ පක්ෂ නායකත්ව කණ්ඩායමේ ලේකම්තුමා ඇතුලු තේ පාර්ශව කරුවන් රැසක් සම්බන්ධ විය.

Similar Posts